අගමැතිනි -ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් හමුවක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්  Matthew John Duckworth මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක්  පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය.

මෙම හමුවිමේ දී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව පිළිබඳවත්, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා පිළිබඳවත් අවධානය  යොමු කළ අග්‍රාමාත්‍යවරිය ආර්ථික හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් කලාපීය සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳවත් සිහිපත් කළාය.

කලාපීය සහ බහුපාර්ශ්වික වැඩසටහන්වල වැදගත්කම පිළිබඳවද ඇය අවධාරණය කළා ය. 

එසේම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රෙය් සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර, වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා නියාමන රාමු සහ තාක්ෂණික සහාය සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සහාය ඉල්ලා සිටියා ය. එමෙන්ම  වෘත්තීය අධ්‍යාපන අංශය ශක්තිමත් කිරීම සඳහා දැනුම, තාක්ෂණික විශේෂඥතාව සහ අත්දැකීම් බෙදා ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.