(ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඒකාබද්‍ධ විපක්‍ෂය විසින් අද (21) කතානායකවරයාට බාර දෙනු ලැබීය.
කතානායක නිල කාමරයේ දී බාර දුන් එම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව ආණ්ඩු පක්ෂයේ හතර දෙනකු ද අත්සන් තබා තිබේ. රාජ්‍ය ඇමැති ටී බී ඒකනායක, නියෝජ්‍ය ඇමැතිවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ සහ මන්ත්‍රී කාදර් මස්තාන් ඔවුහුය.