මුදිතා දයානන්ද
නව පළාත් සභා ගොඩනැගිල්ල විවෘත කිරිමේ උළෙලට අගමැතිට ආරාධනා නොකිරිමට විරෝධය පා බස්නාහිර පළාත් සභා රැස්වීම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු අද (3) සභා ගැබෙන් ඉවත් ගියහ.
විවෘත කිරිමේ උළෙලටද තම කණ්ඩායම සහභාගී නොවන බවත් ඒ දක්වා සියලූ සභා කටයුතු වර්ජනය කරන බවත් සභාවෙන් ඉවත්ව යාමට පෙර ප‍්‍රකාශයක් කළ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා මහතා පැවසීය.
බස්නාහිර පළාත් සභා රැස්වීම එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී පෞද්ගලික ප‍්‍රකාශ ඉදිරිපත් කිරිමේ අවස්ථාවේදී නැගි සිටි විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයට අගමැතිවරයාට ආරාධනා නොකිරිමටත්, ආරාධනා පත‍්‍රයට ආණ්ඩුකාරවරයාගේ නම ඇතුළත් නොකිරිමටත් හේතු විමසා සිටි අතර එය නිවැරදි කිරිමට මහඇමැතිවරයා කටයුතු නොකරන්නේ නම් තම කණ්ඩායම සභාව වර්ජනය කර බවත් පැවසීය.
එයට පිළිතුරු දෙමින් මහඇමැති ඉසුර දේවප‍්‍රිය මහතා පැවසුයේ පළාත් සභා උත්සවයකට රාජ්‍ය නායකයින් දෙන්නෙකු ගෙන්වන්නේ නැති නිසා ජනාධිපතිට පමණක් ආරාධනා කළ අතර ආරාධනා පත‍්‍රයට දේශපාලන අධිකාරියේ අයගේ නම් පමණක් ඇතුළත් කළ නිසා ආණ්ඩුකාරවරයාගේ නම ඇතුළත් නොකළ බවයි.