(නාලක සංජීව දහනායක)
ආර්ථිකය සම්බන්ධයෙන් වැරදි සංඛ්‍යා ලේඛන දෙමින් අගමැතිවරයාගේ ප‍්‍රතිරූපයට හානිකිරීමට ඔහු සමීපයේම සිටින නිළධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පැවසීය.
තම ප‍්‍රතිරූපයට හානි කරන එවැනි පුද්ගයන්ගෙන් අගමැතිවරයා පරිස්සම් විය යුතු යැයිද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
ආර්ථික කරුණු කාරණා සම්බන්ධයෙන් අගමැතිවරයාට ඉස්සර හොඳ දැනුමක් තිබුණා. ඒ නිසා ආර්ථික කළමණාකරණය සම්බන්ධයෙන් අගමැතිවරයාට හොඳ ප‍්‍රතිරූපයක් තිබුණා. නමුත් ආර්ථිකය සම්බන්ධයෙන් වැරදි සංඛ්‍යාලේකන දීමෙන් ඒ ප‍්‍රතිරූපය විනශාකිරීම සඳහා අගමැතිවරයා ළඟම ඉන්න පිරිස් කටයුතු කරන බවක් පේන්න තියෙනවා. මේ අනතුරුදායක පුද්ගලයන්ගෙන් අගමැතිවරයා පරිස්සම් විය යුතුබවද කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේදී අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.