(අංජුල මහික වීරරත්න)
මහනුවර ගැටුම් සිදුවූ ප්‍රදේශවල ජනතාව හමුවී ඔවුන්ට සිදුවූ හානි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (10) මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙයි.
කලහකාරී ක්‍රියා හේතුවෙන් අලාභ හානි වු දිගන නගරයට සහ කෙන්ගල්ල නගරයට ගොස් අග්‍රාමාත්‍යවරයා එහි ජනතාව හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව හමු වීමෙන් පසුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ජාවකට සහභාගී වීමටද නියමිතය.