(ටී.කේ.ජී.කපිල සහ අංජුල මහීක වීරරත්න)
පෞද්ගලික සංචාරයක් සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනෙන් බැහැරව ගියේය.
අද අලුයම 3.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-669 දරණ ගුවන් යානයෙන් අගමැතිවරයා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.
අගමැතිගේ පෞද්ගලික සංචාරයේ පළමු ගමනාන්තය වන්නේ කටාර් රජ්‍යයේ දෝහා අගනගරයයි.
පෞද්ගලික සංචාරය වෙනුවෙන් අගමැතිවරයා දින හයක කාලයක් දිවයිනෙන් බැහැරව සිටීමට නියමිතය.