අගමැති මාලදිවයින බලා පිටත්ව යයි


(ටී.කේ.ජී.කපිල ) 
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින  නිල සංචාරයක් සදහා අද (02 ) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියේය.
 
අගමැතිවරයා  ඇතුළු දූත පිරිස  උදෑසන 7.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරණ ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගියහ.
 
 දූත පිරිස 13  දෙනෙක් මෙම සංචාරය සදහා  සහභාගී වී සිටියහ.