අගමැති පාස්කු ප්‍රහාරයේ වි‍ශේෂ කාරක සභාවට යාමේ තීරණයක


(අංජුල මහීක වීරරත්න)

පාස්කු ප්‍රහාරය ගැන කරුණු සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර සිටියි.

විශේෂ කාරක සභාවෙන් කැදවීමක් ලද විගස කාරක සභාව හමුවේ පෙනී සිට එහි සාමාජිකයන් අසනා ප්‍රශ්නවලට පිළිතුරු දීමට අග්‍රාමාත්‍යවරයා සුදානමින් සිටින බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර ගණුදෙනු සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙනී සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන විශේෂ කාරක සභාව අග්‍රාමාත්‍යවරයාට එම කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු දිනය ඉදිරියේදි දැනුම් දෙනු ඇති බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේය.