අගමැති ධනපති රටවලට දෙහි කපයි
තම වාසි සඳහා ආසියාවේ සම්පත් බහුල රටවල් අස්ථාවර කිරීමට බටහිර ඇතැම් ධනපති රටවල් කැස කවන බවත් මිෂරය, ඉරාකය ඇතුලු රටවල සිදුවන දේ නොපෙනෙන ඇතැම් ධනපති රටවල් යුද්ධයේ අවසන් දිනවලදී ශ්‍රී ලංකාවේ සීදුවී යැයි කියන අපරාධ ගැන ලංකාවට ඇඟිල්ල දිගු කරන බවත් දි.මු. ජයරත්න අගමැති රත්නපුර බටුගෙදරදී අද පැවැසීය.
නබිනායක දිනය නිමිත්තෙන් පැවැති රැස්වීමකදී අගමැතිවරයා එලෙස සඳහන් කළේය.

