ඡායාරූප - ළහිරු හර්ෂණ
කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානයට අද (10) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණියහ.
පළාත් පාලන මැතිවරණ ඡන්ද ව්‍යාපාරය සාමකාමීව පැවැත්වීමට හැකි වූයේ එක්සත් ජාතික පක්‍ෂය හඳුන්වාදුන් නව ඡන්ද ක්‍රමය නිසා බවත්, මැතිවරණ ව්‍යාපාරය සාමකාමීව පැවැත්වීමට සහයෝගය ලබාදුන් මැතිවරණ කොමිෂන් සභාවට සහ සමස්ථ රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම සියලු ඡන්ද දායකයින්ට තම ස්තූතිය පළ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කොළඹ, විශ්ව විද්‍යාලයේ, විද්‍යාල මන්දිරය පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.



