අගමැති ගියාට නීතිවල වෙනසක් නෑ


ඕස්ට්‍රේලියාව විසින් පැනවුණු සංක්‍රමණ නීතිවල වෙනසක් සිදුනොකරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහකොමසාරිස් රොබින් මූඩි පවසයි.

සංක්‍රමණ නීති සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ ටෝනි ඇබට් වෙනුවට ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරයට මැල්කම් ටර්න්බුල් පසුගියදා පත්විය.

එහෙත් මුහුදු මාර්ගයෙන් සිදුකරන මිනිස් ජාවාරම්වලට එරෙහි නීතිවල වෙනසක් සිදුනොවන බව ඔස්ට්‍රේලියා මහකොමසාරිස් පෙන්වා දෙයි.

මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධව තවදුරටත් කටයුතු කරන බව ද ඔහු කියයි.