අගමැති අපුරට උඩින් යයි


අනුරාධපුර බුද්ධශ‍්‍රාවක විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික සමුළුවක ප‍්‍රධාන ආරාධිතයා වූ දි.මු. ජයරත්න අගමැති ගුවනින් එහි ගොස් ගොඩබිමින් ගම්පොළ උත්සවයකට ගියේය. සිකුරාදා පෙරවරු 11ට ගම්පොළ රැස්වීමකට සහභාගී වීම සඳහා 10.30ට අනුරාධපුර සමුළුවෙන් ආ අගමැතිට දැනගැනීමට හැකිවූයේ ඔහු එහි ගිය හෙලිකොප්ටරය කොළඹ ගොස් ඇති බවයි. ගුවන් හමුදාපතිටද කතා කළ අගමැති ගම්පොළ රැස්වීමට යෑම සඳහා කාරයෙන් පිටත් විය.