ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය එම ධූරයෙන් නෙරපා හැරීම සඳහා වන යෝජනාව දෙදිනක විවාදයෙන් පසු මින් මද වේලාවකට කලින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ දී බහුතර ඡන්දයෙන් සම්මත විය. යෝජනාව පක්ෂව ඡන්ද 155 ලැබිණි. විපක්ෂව ඡන්ද 49 ලැබිණි. ඡන්දය නමින්ම විමැසිණි.
මෙම යෝජනාව ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ජනපතිවරයා විසින් කැරෙන නියමයකින් ඇය පදවියෙන් ඉවත් කළ හැකි බව ශ්‍රිලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (2) සඳහන් වේ. ජනපති විසින් ස්වකීය අත්සන යටතේ නිකුත් කරන අධිකාර පත්‍රයක් මගින් අග විනිසුරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලොගේ ශිරාණි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිමට හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (1) වගන්තියේ සඳහන් වේ. 30ක් නොඑති.

