අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමග, අග විනිසුරු නිළ නිවස ඉදිරිපිට දින හතරක් තිස්සේ විරෝධතා පැවැත් වූ ගෝල්ඩන් කී තැන්පත් කරුවෝ රතිඤ්ඤ පත්තු කරමින් කිරිබත් කෑහ. දෝෂාභියෝග තේරීම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මැති ඇමැතිවරුද එම අවස්ථාවට සහභාගී වූහ. ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ගේ විරෝධතාවද අද මධ්‍යම රාත්‍රීයේ අවසන් කැරිණි.

