අකුරු නොදනී- පැදුරු කවි දනී By None // 2012 ජන 11 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාතර නරවැල්පිට අලංකාරගේ එන්සිනා (82) දස දරු මාතාව ලස්සන රටා හා සිවු පද ඇතුළත් පැදුරු වියමනට දක්ෂය. ඇයට දරු මුණුබුරෝ 40 දෙනෙක් සිටිති. පාසල් අධ්‍යාපනයෙන් නොලබූ ඇය ”ගල් ඇහැ” හා ”තුන්හිරිය” පන්වලින් වියූ දුර්ලභ පැදුරු දෙකක් කෞතුක වස්තු ලෙස සලකා ගාලූ පුරාවිද්‍යා කාර්යාලයට බාර දෙන බව ගාලූ උරුමය පදනමේ සභාපති පරාක‍්‍රම දහනායක මහතා කියයි. මේ පැදුරු දෙක වසර පනහකට වඩා පැරණිය. ගල්ඇහැ පැදුරේ පෝරු කවිය මෙසේය. ”විල් තෙරේ මැද - මල් ගැබේ තුළ උතුම් පද්මා- වෙති උතුම් පින් බලේ පෙර - තාපසුන්ගේ අතට බිහි වුණු අනුහසින් කල් බලා බරණැස් පුරේ තර නිදුව පාවා දුන් බෙලෙන් මල් කලස් සිවු කොන තබාලා ඔවුන් පෝරුවෙ සිටුවමින්” තුන්හිරිය පැදුරේ වූ කවිය මෙසේය. වංගගිරියේ තපස් රකිනට නික්ම ගිය අප බෝ සතුන් නැංග රථයත් අසුන් දෙදෙනත් අතරමගදී පිනට දුන් රන් රිදියෙන් මුතු මැණිකෙන් සියලූ වස්තුව දනට දුන් මෙතුන් රත්නේ ඒ අනුහසින් මොවුන් හට ජය මංගලම්” නාග දරණ පේරාදෙණිය පාලම හා මල් කළහ යන පැදුරු තුනක් එන්සිනා මහත්මිය සතුය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත