(සුමතිපාල දීයගහගේ)
ගාල්ල අකුරැස්ස මහා මාර්ගයේ පිලාන උප තැපැල් කාර්යාලය අසලදී අද (8) අලුයම යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දැරියක (11) මිය ගිය බව හබරාදුව පොලිසිය පවසයි.
මෙලසෙ මිය ගොස් ඇත්තේ හර්ෂනි මධුෂානී සිසුවියකි.
ඇගේ සහෝදරයා පැදවු යතුරුපැදියේ මෙම ළමයා ඉදිරිපස වාඩිවී යන විට ඉදිරියෙන් ගිය ලොරි රථයක හැපීමෙන් තුවාල ලැබ මිය ගොස් ඇති බව වාර්තාවේ.
යතුරුපැදිය ධාවනය කළ සහෝදරයා ද තුවාල ලැබ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

