මහින්දගේ අකුරැස්සේ රැලියේ සිදුවූ සිදුවීම ගැන දැන් තවත් අර්ථකථනයක් ලැබී ඇත. කවුදෝ මිනිහකු වෙන කාගේදෝ අත යටින් අත දමා මහින්දගේ අත ඇල්ලුවාලු. ඒ සමගම තෙරපීමක් ආවාලු.
මහින්ද වැටෙන්න ගියේ ඒ තෙරපීම නිසාලු. නමුත් රූපරාමු හා එම කථා අතර හාමුවීමක් නැතිලු.
පොලිසියයි බුද්ධි අංශයි දැන් ඒ වීඩියෝ බල බලා ඒවායේ සිටින මිනිසුන් සොයා යනවාලු. ඒ වගේ හැඩරුව ඇති අයටත් ඒ පැත්තේ දැන් හරි ප්‍රශ්නලු. ඒ වීඩියෝවල රජයේ සේවකයනුත් ඉන්නවාලු. එවැනි අය නිදහසට කියන කතාත් හරි පුදුමලු. මහින්ද බලාගන්න ඕන නිසා ආ බව බොහෝ දෙනෙක් කියා තිබෙනවාලු. දොස්තර විභාගේ පාස් නොකළ බොහෝ දෙනකු දැන් කියන්නේ ඒ මිනිහා බීලා හිටි බවලු. මහින්දගේ ආරක්ෂාවට සිටි පොලිස් ආරක්ෂකයන් කවුරුවත් ඔහු දොස්තර කෙනකුට ඉදිරිපත් කළ බවක් තවමත් දැනගන්න නැතිලු.
මහින්දගේ මුදුවලින් ඇල්ලූ නිසා ඔහුගේ ඇඟිලි තුවාලවන තරමට රිදුණු බවයි මහින්ද කියන්නේ.
නොයෙක් දෙනා තමන්ට දේශපාලන වාසිවන විදියට මේ ගැන අර්ථකථන කරනවාලු.
මේ කථාවටයි මිරිහානේ සුදුවෑන් කථාවටයි නොයෙක් දෙනා නොයෙකුත් දේශපාලන පක්ෂ නායකයන් ගෝලයන් හා වෙනත් අය දෙන අර්ථකථන අහලා පිස්සු හැදෙන බවත් මේවා අගමුල සොයාගැනීමට නොහැකි නූල් බෝල දෙකක් බව පරීක්ෂණ පවත්වන අයද කියති.

