අකුරට ගිහින් ගුටි කෙළ ගනිති


අනුරාධපුරයේ ප්‍රධාන පාසල් දෙකක  සිසුන් දෙපිරිසක් අතර පාසලේදී ඇති වු ගැටුමකින් සිසුහු නව දෙනකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබුහ.

පහරදුන්නැයි කියන සිසුන් 12 දෙනෙක් අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

11-12 වැනි පෙළ සිසුන් අතර පෞද්ගලික ගැටුමක් මේ ගැටුමට හේතුවන්නට ඇතැයි පවසන පොලිසිය විදුහල්පති මව්පියන් හා ගුරුවරු කැඳවා සාකච්ඡාවක් කිරීමට යයි.