අකුණුසැර වැදී දෙදෙනෙක් මරුට



(ක.ග කරුණාරත්න)
වැලිකන්ද මගුල්පොකුණ ප්‍රදේශයේ පිහිටි කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) සවස අකුණුසැර වැදීමකින් ජීවිතක්ෂයට පත් වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.


මෙම අනතුරින් මියගොස් ඇත්තේ වැලිකන්ද මගුල්පොකුණ මහවැලි ගම්මානයේ පදිංචිව සිටි ඥාති සහෝදරයින් වන පරණවිතානගේ ලක්ෂාන් (17) සහ එළුවාදුර නිලන්ත ද සොයිසා (36) නම් වූ අයයි.


වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.