( එම් .සුසිල් ප්‍රියන්ත )
කරන්දෙණිය මඩකුඹූර ,පද්දවල ප්‍රදේශයට අද (15 ) එල්ලවූ අකුණූ පහරකින් එම ප්‍රදේශයේ නිවාස දහයකට පමණ දැඩි අලාභහානි සිදුව ඇතැයි කරන්දෙණිය පොලීසිය කියයි .
මේ ප්‍රදේශයේ නිවාසවල වහලේ ඇස්බැස්ටස් සෙවිලි තහඩු කඩාබිද දමමින් අකුණු නිවෙස්වලට ඇතුළු වී ඇති බවත් එමෙන්ම බොහෝ නිවාසවල ඒ අවස්ථාවේදි විදුලිය හා සම්බන්ධ කර තිබූ විදුලි උපකරණ රැසක්ම පිචිචි ගොස් ඇති බවත් පොලීසිය කියයි.
අකුණු සැර වැදීමෙන් මේ ප්‍රදේශයේ නිවාසවලටවූ අලාභාහානිය තවම ගණන් බලා නැති බවද පොලීසිය කියයි .

