අකිල එක්දින වරම් ලබයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එක්දින තරගයේදී ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ 154 වැනි ක‍්‍රීඩකයා ලෙස පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජය එක්දින වරම් ලැබීය.
පානදුර මහානාම විදුහලේ ක‍්‍රීඩකයකු- වන 18 හැවිරිදි අකිල, ශ්‍රී ලංකාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට පිවිසියේය.

