අක්කා මල්ලිලා ජීව විද්‍යාවෙන් කප් ගහලා


(පාලිත ආරියවංශ)

මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක්  තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වන අංජු රාමනායක,(19),අකිල රාමනායක(19) යන නිවුන් සොයුරන් සහ ඔවුන්ගේ අක්කා වන සදළි රාමානයක (21) යන තිදෙනා මේ දස්කම දක්වා ඇතැයි බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එල්.ජී.එස්.සමරකෝන් මහතා පැවසීය.

මෙම සිසුන්ගේ පියාවන සමන්ත රාමනායක සහ මව වන චන්දිමා ජයසිංහ යන දෙදෙනාම බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුවීම ද  විශේෂත්වයකි.

බදුල්ලේ හිත හොඳ දොස්තර වන සමන්ත රාමනායක මහතා අහිංසක ලෙඩුන්ට නොමිලේ ප්‍රතිකාර සහ ඖෂධ ලබා දෙමින් විශාල සමාජ මෙහෙවරයක් කරයි.