වසන්ත චන්ද්‍රපාල
අක්කරපත්තුව 19 ගම්මානයෙන් හදුනාගත් කොරෝනා ආසාදිතයාගේ බිරිදට කොරෝනා ආසාදිත වු බව දැන ගැනීමෙන් පසුව ඇය ඇසුරු කරන ලද පුද්ගලයින් 45 දෙනෙකු හදුනා ගැනිමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරින්ට හැකිව තිබේ.
ඒ අනුව හදුනාගත් 45 දෙනාගෙන් 25 දෙනෙකු පොලොන්නරැව දම්මින්න යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවිමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබිය.
ඒ අනුව පොලිස් සහ හමුදා ආරක්ෂාව මැදින් මෙම පිරිස ඊයේ (13) රාත්‍රි දම්ම්න්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා තිබේ.
මීට අමතරව ඉතිරි 20 දෙනා නිවෙස්වලම නිරෝධායනය කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගත් බව ආරක්ෂක සදහන් කරයි.
අක්කරපත්තුව 19 ගම්මනාය අගුලු දමා ඇති අතර එම ගම්මානය මුලුමනින්ම ජිවාහානුකරණය කිරිමට අක්ක්රපත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් කටයුතු කරනු ලැබිය.




