අක්කර දාහක වන වගාවක් හදන්න යයි


(අංජුල මහික වීරරත්න)

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික  අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත  කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ  රාජ්‍ය - පෞද්ගලික - ජනතා හවුල්කාරීත්වය යන (Public- Private – People Partnership)  4P සංකල්පයට අනුව ක්‍රියාත්මක කිරීමට යෝජිත මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස මෙය ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

ඒ  පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර 

ව්‍යාපෘතියට අදාල තාක්ෂණික කරුණු නිරාකරණය කර ගැනීමත්, ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය මූලික කරුණු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.  පරිසරය රැක ගැනීම වෙනුවෙන් ජනතාවගේ, රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ වගකීම සිහිපත් කරමින්  ජෛව විවිධත්වය සුරැකීම, වන වැස්ම පුළුල් කිරීම සහ ස්වභාවික පරිසරයේ සුරක්ෂිත පැවැත්ම වෙනුවෙන් ඵලදායී ව්‍යාපෘති ගණනාවක් පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සැලසුම් කර තිබේ.