(ඉන්දිකා රාමනායක)
අංගොඩ ලොක්කා නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයෙක් මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමඟ අද (12) පෙරවරුවේ කොටිකාවත්ත , ගල්කොටුව පාරේ දී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සිය නිවසේ කෙසෙල් පදුරක් අසල මෙම ගිනි අවිය වළ දමා තිබියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සැකකරු සතුව ගිනි අවියක් ඇති බවට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු කලක් සමයං නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයකු වශයෙන් කටයුතු කර පසුව සමයං සමග උරණව අංගොඩ ලොක්ක සමග සම්බන්ධකම් පවත්වා ඇති බවද පොලිසිය කියයි.
සැකකරු වසර 16 පමණ යුද හමුදාවේ සේවය කර පසුව ඉන් නීත්‍යනුකූලට ඉවත්ව පාතාල සාමාජිකයන් සමග එක්ව කටයුතු කරන බවද පොලිසිය පවසයි.
මොහුට කප්පම් ගැනීම සම්බන්ධයෙන් සහ ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් නඩු විභාග වන බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

