පැරණි අංගම්පොර ශිල්පය සිය ආරක්ෂාව සඳහා තරුණියන්ට ඉගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.
මේ සඳහා මාස හයක පාඨමාලාවක් සකස් කර ඇති බව ද, යාපහුව තිබිරිකැලේ පිහිටි අංගම්පොර ගම්මානයේ දී ලබන වසරේ සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී බී ඒකනායක මහතා පවසයි.