අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්


(රෝෂන් තුෂාර)

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ  උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික  කොමසාරිස්වරයා ඇතුළු පස් දෙනෙකුට කොන්දේසි සහිත වාරණ නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නිකුත් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩාංගනය අවට පදිංචි නිවැසියන් පස් දෙනෙකු විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු පස්දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළේය.