සුරාසුර යුද්ධයෙන් ජය ලැබීමට සුරයින් වන දෙවි වරුන්ට නොහැකි වු තැන ඊෂ්වරයා විසින් කඳ කුමරුන් බිහි කර අසුරයින් පරාජය කළ බව දේව කථා වල සඳහන්වේ.
මෙම හේතුව මත කතරගම දෙවියන් හෙවත් මුරුගන්. සුබ‍්‍රමනියම්. කඳකුමරුවන් වැනි නම් වලින් හදුන්වනු කතරගම දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් ලෙස ප‍්‍රකටය.
අතීතයේ දි අප රටේ පැවති යුද්ධ අතර දුටුගැමුණු එළාර යුද්ධයේ දි දුටුගැමුණු මහා රජතුමාද කතරගම දෙවියන්ගෙන් ආශිර්වාදය ප‍්‍රාර්ථනා කර යුද්ධයෙන් ජය ලබා අද වර්තමානයේ කතරගම දේවාලය සාදවා සිය බාරය ඔප්පු කළ බව සඳහන්වේ. 1818 දී සුදු අධිරාජ්‍යයින්ගෙන් මව්බිම බේරා ගන්නට සටන් කළ වීරකැප්පොටිපොළ නිළමේ ද. කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ගෙන පරදේශක්කාරයින්ට පහරදුන් බව කොහුකුඹරේ රටේ රාළගේ සටහන් තුල සදහන්වේ.
මේ අනුව කතරගම දෙවියන් ලොව පැවති ඉතිහාස යුද වල දි සියළුම දෙනා ආශිර්වාදය ප‍්‍රාර්ථාන කරගත් එකම දෙවියකු බවට පත්ව තිබේ.
අප රටේ සටන් කලාවක් ප‍්‍රගුණ කළ ලබන ශිල්පිහු ද සිය සටන් පුහුණු වීමෙන් පසුව කතරගම පුදබිම වෙත පැමිණ දෙවියන්ගේ ආශිර්වාදය ල බා ගනු ගනිති.
මෙම සිරිත අනුව දේශිය සටන් කලාවක් වන අංගම් පොර හෙවත් රණ කෙළි පුජාවක් අද ( 18) ශී‍්‍ර ලංකා පාරම්පරික දේශිය සටන් කලා සංගමයක් වන අතුරුගිරි ශාඛාවේ සමාජකයෝ කතරගම දේවාලය ඉදිරිපිට දි රග දක්වා රණ කෙළි පුජාව පැවැත්වූහ.
වසර පහක් පුරා අංගම් පොර ප‍්‍රගුණ කර මෙම සටන් කළා සංගමයේ සමාජිකයෝ තම හැකියා දෙවියන් ඉදිරියේ පෙන්වා ආශිර්වාදය ප‍්‍රාර්ථානා කරන බව සංගමයේ ප‍්‍රධාන සංවිධායක පී එදිරිසිංහ ගුරුතුමා පැවැසූහ.
අංගම් පොර සටන් කලාව වීරකැප්පොටි පොළ නිළමේ හා බිබිල කොහුකුඹුරේ රටේ රාල 1818 දි පැවති කැරැල්ලේ දි සුද්දන් මවිත කරවමින් පහරදුන් බව අදත් ඌවේ ජනයා පවසති.
මේ කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණ තිස්ස හිමියන් පැවසුවේ අතීතයේ දි කුංෂු කලාව බිහිවුයේ පන්සලින් බවයි.
අදත් චීනයේ මහා සංඝයා මෙම සටන් කලාවන් ප‍්‍රගුණ කරනවා. මෙයට ප‍්‍රධන හේතුව තමයි පන්සල් රැක ගැනීමට මෙම සටන් කළාව හැදැරිමයි. වැඩි වටිනා කමක් ඇති පෞරාණික වස්තු ඇත්තේ පංසල් වල මෙම වස්තු පැහැර ගැනීමට සොර් සතුරු කරදුර පන්සල්වල තිබුණා ඒක නිසා මිනිසුන්ට හිරිහැරයක් කරන්න පහර දෙන්න නොව පන්සල් වල වස්තුව සොර සතුරන්ගෙන් බේරා ගැනීම පිණිස කුංෂු වැනි සටන් කලාවන් සංඝයා වහන්සේලා ප‍්‍රගුණ කළා අදත් එය අධ්‍යාත්මික සුවයක් ශරිරියට ව්‍යායාමයක්.