අ'පුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුට-සිව් දෙනෙකුට තුවාල


(ජයන්ත සමරකෝන්, ඉන්දිකා රාමනායක, ඩයනා උදයංගනී, උපුල් හේරත් සහ අතුල බණ්ඩාර) 

අනුරාධපුර බන්ධනාගරයේ  සිදු වූ වෙඩි තැබීමෙන්  රැඳවියන් දෙදෙනෙකු  මිය ගොස් තවත් රැඳවියන් සිව් දෙනකු තුවාල ලබා තිබේ.

රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියක ඇති වු නොසන්සුතාවයේදී රැඳිවියන් කිහිප දෙනකු පළායාමට උත්සහා කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදු තිබේ.

වෙඩි තැබීමෙන් රැදවියන් පස් දෙනකු තුවාල ලැබූ අතර රෝහල් ගත කිරීමෙන් පසු ඉන්  රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් ඇත.
 
මේ වන විට සිව් දෙනකු අනුරාධපුර  රෝහලේ ප්‍රතිකාර ලබති .
 
කිසිදු අයෙකු පැන ගොස් නැති බවත් ආරක්ෂාව තර කර ඇති බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්  අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

කොරෝනා  යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් ඇතැයි පොලිසිය කියයි.

ගින්න සහ තතත්වය පාලනය සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධනාගාරය තුළට ගොස් ඇත.