Excel World හිම සංදර්ශනය


වසරක් පාසා පැවැත්වෙන එක්සෙල් වර්ල්ඞ් හිමලන්තය මෙවරද ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත. කොළඹ ඩාර්ලි පාරේ ඇති එක්සෙල් වර්ල්ඞ් වෙත යන ඔබට මේ සිසිල් පහසින් යුතු හිමලන්තයේ අත්දැකීම සිතූසේ විඳගත හැකිය. සීතල හිමලන්තයේ මල් තුහින වරුසාවේ පහස මැද කාලය ගෙවූ පසු  ඕනෑනම් ළමෝ කැටුව නෝටි කාසල් (Naughty Castle) වෙත යාමට පුළුවන. ඊට අමතරව ඇඞ්වෙන්චුරා (Adventura), ස්ට‍්‍රයික්ස් (Strikes), ත‍්‍රිමාණ සිනමා නැරඹීම (Cinamatrix) ආදී බොහෝ තැන් වෙත යා හැකිය. මල් තුහින වරුසාව ආරම්භ වන්නේ සවස 6.30 න් පසුවය. මේ සියල්ල වෙනුවෙන් විවිධ ආහාරපාන සහිත අවන්හල් රැුසකින් සමන්විත අවන්හල් සංකීර්ණයද ඔබ වෙනුවෙන් නිරන්තරයෙන්ම විවෘතය. එළැඹුණු නිවාඩුවේ යන්න, මේ සිහින පාරාදීසයට ගොස් බලන්න, එහි සිදුවන දේ කුමක් ද කියා. විටෙක මැජික් දර්ශන මෙන්ම සංගීතයෙන් ද ඔබ පිනවනවා ඇත. ඒ සියල්ල සමග නිවාඩුවේ මිහිර අත්විඳින්න එක්සෙල් වර්ල්ඞ් ඔබ සාදරයෙන් පිළිගනීවි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ