
(අංජුල මහික වීරරත්න)
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියා මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව E-9 වීසා කාණ්ඩය යටතේ ලාංකික තරුණ තරුණියන් 3469 දෙනෙකු සඳහා මෙම වසරේ රැකියා අවස්ථා හිමිවී තිබේ.
දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 77 දෙනෙක් නොවැම්බර් 11 දින දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.
E-9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ නිශ්පාදන, ඉදිකිරීම්, ධීවර, සේවා හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවේ. වඩාත් විනිවිදභාවයකින් යුතුව රැකියා අපේක්ෂිතයින් Online ක්‍රමයට තෝරාගන්නා අතර, විභාගය පරිගණක ආශ්‍රිතව පමණක් පැවැත්වේ. ඒ සඳහා කිසිඳු පාර්ශවයකට බලපෑම් කළ නොහැකි බව කාර්යාංශය සඳහන් කරයි.


