(කටුනායක ටී.කේ .ජී.කපිල )
ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ප්‍රංශයේ නිෂ්පාදිත A - 380 එයා බස් වර්ගයේ මගී ගුවන් යානයක් අද අලුයම හදිසියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ - 449 දරණ ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට ඩුබායි බලා යන අතරතුර ඉන්ධන ප්‍රමාණවත් නොවන බැවින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇත.
මෙහි ගුවන් මගීන් 400 ක් හා ගුවන්යානා කාර්යය මණ්ඩලය 30ක් ගමන් ගෙන ඇත.
ගුවන් යානය යළිත් අලුයම 4.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත් විය.

