හොරණ තක්ෂිලා විදුහලේ සිටි බල්ලකු පාසලේ ළමයින් 4 දෙනකුද, ගුරුවරුන් දෙදෙනකුද මාර්ගයේ ගමන් කරමින් සිටි තිදෙනකුද සපා කා ඇතැයි පොලිසිය පවසයි.
බල්ලාට පිස්සු යැයි කළුතර පශු වෛද්‍ය ඒකකය කියයි. ඒ අනුව අවට සිටින බල්ලන්ට ජලභීතිකා එන්නත ලබාදීමට කටයුතු කරන බව එම ඒකකය පවසයි. බල්ලා පසුව මරා දැමීය.
බල්ලා සපා කෑ 9 දෙනාම හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි කියයි.

