80 හැවිරිදි අක්කාගේ දිවි තොරකර 75 මල්ලී දිවි නසා ගනී



තම වැඩිමහල් සහෝදරියගේ ගෙල කපා මරා දමා සියදිවි හානි කර ගත් බවට සැක කෙරෙන ඇයගේ සහෝදරයාගේ ද සිරුර සොයා ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
 
මෙසේ මියගොස් ඇත්තේ ගෝවින්න රැටියල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ වැඩිමහල් සහෝදරිය වූ හිබුරගේ දොන් ලීලාවති (80) සහ හිබුරගේ දොන් සෝමපාල (75) යන ඇයගේ සහෝදරයා ය.
 
සිය සහෝදරයාගේ දරුවන්ගේ ගෙදර ඔවුන් පදිංචිව සිටි තිබේ. මියගොස් ඇති වැඩිමහල් සහෝදරිය හදිසි අනතුරක් හේතුවෙන් බොහෝ කාලයක් තිස්සේ එක් එක්තැන්වී සිටි අතර ඇයට සියලු සත්කාර සිදුකර ඇත්තේ සියදිවි නසාගෙන ඇති ඇයගේම සහෝදරයා බවට ද තොරතුරු අනාවරණය වී ඇත .
 
සියදිවි නසාගත් බාල සහෝදරයා විසින් තම වැඩිමහල් සහෝදරිය නිදාගෙන සිටි ඇඳ මත දීම ඇගේ ගෙල කපා මරණයට පත්කර ඔහු ද නිවස පිටුපස ගසක එල්ලී සියදිවි නසා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.