
(ලක්මි කුඩලිගම)
අඟුරුවාතොට ප්‍රදේශයේ විහාරයක ඉදිකරිම්න් පවතින චෛත්‍යය ආසන්නයේ වළක් හාරා එහි සඟවා තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමග නීති විරෝධී මත්පැන් ජාවාරම් කාරියක් අද උදෑසන අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි .
අඟුරුවාතොට විහාරස්ථානය අසල නිවසක පදිංචිව සිටින වයස අවුරුදු හැටපහක් පමණ වන කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම කාන්තාව කලක පටන් මත්පැන් ජාවාරමේ නිරත වන බවත් කිහිපවිටක්ම පොලිසිය වැටලීම් සිදු කර අත්අඩංගුවට ගෙන ඇතත් නොයෙක් ක්‍රමෝපායන් අනුගමනය කරමින් නැවත නැවතත් මෙම ජාවාරම සිදු කරගෙන යන බව පොලිසිය පැවසීය.
ඒ අනුව මෙවර පොලීසිය සිදුකළ වැටලීමේදී වෙනිවැල්පිටිය විහාරස්ථානයේ ඉදි කරමින් පවතින චෛත්‍යට මීටර විස්සක් පමණ සමීපයේ වලක් හාරා ඒ තුළ මත්පැන් සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.
සැකකාරිය මෙම වළ තුළ ඉතා සූක්ෂමව කලක් තිස්සේ කසිප්පු සඟවා පැකට් කර සිල්ලරට විකුණා ඇති බවද පොලිසිය කීය.

