64 කත කුඩු සමග අල්ලයි


(ඉන්දිකා රාමනායක)

බෙම්මුල්ල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත 64 හැවිරිදි කාන්තාවක් හෙරොයින් සහ ලක්ෂ 10 කට ආසන්න මුදලක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.

සැකකාරිය සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 4, විද්යුත් තරාදියක්, පැකට් කිරීම සඳහා භාවිතා කරන පොලිතීන් උර 39 ක් අත්අඩංගුවට ගත් බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකාරිය බාරයේ තිබී අත්අඩංගුවට මුදල් ඇය හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් ඒවා බවට සැකකෙරේ.