6 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා හෙට පාසල් ඇරඹේ


(ඩයනා උදයංගනී)

දෙවැනි පාසල් වාරය හෙට (6) දින ආරම්භ කිරීමේදී 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා පමණක් පාසල් වාරය ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

6 ශ්‍රේණියට පහළ ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කරන්නේ මෙම මස 13 වැනිදා බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එමෙන්ම පාසල්වලට දරුවන් රැගෙන පැමිණෙන වෑන් රථ නැවැත්වීම සඳහා ද පොලීසිය විසින් වෙනම ස්ථාන ලබා දී ඇත.