
( හාලිඇල - විජේරත්න රත්නායක)
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (22) සවස ඇල්ල පොලීසිය මගින් ඇල්ල හෙල හල්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ඇල්ල හීල්ඔය වෙලන්ගහඋල්පත පදිංචි 25 හැවිරිදි තරුණයෙක් සහ ඇල්ල නගරයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
සැකකරුවන් ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් හෙල හල්පෙ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම පිණිස මෙම නෝට්ටුව ඉදිරිපත් කර ඇති අතර ඉන්ධනහලේ සේවකයින් විසින් සැකසහිත නෝට්ටුව පිළිබඳව පොලිසියට දැන්වීමෙන් අනතුරුව පොලිසිය විසින් සැකකරුවන් සමග අදාළ මුදල් නෝට්ටුව පොලිස් බාරයට ගෙන ඇත.
ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.පී.කේ. අලගියවන්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ප්‍රසාදිත මහතා ඇතුළු නිලධාරින් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

