5000 නොදුන්නැයි කතකගෙන් සමෘද්ධි නිලධාරියාට පොලු පහර


(අජිත්ලාල් ශාන්තඋදය)

පනාමුර කැම්පනේ ප‍්‍රදේශයේ කාන්තාවකට  රුපියල් 5000 දීමනාව නොලැබුණැයි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට පොලිලකින් පහරදී ඇතැයි පනාමුර පොලිසිය කියයි.

පොලූපහරකට ලක්වු සමෘද්ධි සංවර්ධන නිලධාරියා කොළොන්න මූලික රෝහලට ඇතුළත් කළ බව පනාමුර පොලීසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ කොලොන්න ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැම්පනේ වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී සුභාෂ් ප‍්‍රසන්න කඹුරුගමුව මහතායි. පහරදීම කළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලීසි් කණ්ඩායමක්   ඇයගේ නිවසට ගිය බවද පනාමුර පොලීසිය කියයි.
කැම්පනේ වසමේ පුස්වැල්පිටිය විහාරස්ථානයේ දී රුපියල් පන්දහසේ දීමනාවේ ඉතිරි කොටස් බෙදා දී ආපසු එන අවස්ථාවේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා කාන්තාවගේ පොලූ පහරට ලක්ව ඇත.