ටී.කේ.ජී.කපිල (ඡායාරූප - ගයාන් අමරසේකර)
ඉන්දුනීසියාවේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා දින දෙකක නිල සංචාරයක් සදහා අද (24) දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය .
ඉන්දුනීසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් පැමිණි ඒ මහතා සමඟ 50 දෙනකුගෙන් සමන්විත ධුර පිරිසක් ද පැමිණියහ.
මෙම පිරිස පිළිගැනීමට විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.ගුවන් යානයෙන් බසින ඉන්දුනීසියා ජනාධිපති සහ එම ආර්යාව පිළිගනු ලැබුවේ කුඩා දරුවන් දෙදෙනෙකු විසිනි.
ඉන් අනතුරුව රතු පලස මතින් කැඳවා ගෙන ආ මෙම ජනාධිපති ඇතුළු පිරිස ගුවන් තොටුපොළ ව්ශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් ද තැබීය.





