
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 406 දෙනෙකු සුවය ලබා අද (04) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 19,438 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වනවිට ආසාදිතයෝ 6,471 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
අද දිනයේදී වැඩිම ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 105 කි.
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සමස්ත ගණන 26,038 ක් වන අතර, 129 දෙනෙකු මිය ගොසිනි.

