30 ලක්ෂයක් වංචා කළැයි කැමරුන් දෙන්නා යළි රිමාන්ඩ්


කොළඹ වාහන ආනයනකරුවන් කිහිපදෙනකුගෙන් රුපියල් තිස් ලක්ෂයක පමණ වංචාවක් කළැයි සැකපිට අත්අඩංගුවටගත් කැමරන් ජාතිකයින් දෙදෙනෙක් නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ලබන 16 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුහ. තමන් ආයොජකයන් බව පවසමින් මොවුන් ව්‍යාපාරිකයන් වෙත ගොස් ඔවුන්ගේ මුදල් පෙන්වන ලෙස ඉල්ලා එම මුදල් පැහැරගෙන දිවු අවස්ථා කිහිපයක් ගැන ලැබුණු   පැමිණිලි මත මොවුහු අත්අඩංගුවට ගනු ලැබූහ. කැම්ගේන් කවුඩාන් හරෙයි හා ඉබොම් සයිමන් තෙරේ ක්‍රිස්ටියොන් එසේ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති ඔවුන් වෙනුවෙන්පෙනී සිටි නිතීවේදියා පැවැසුයේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට විශාල මුදලක් අවශ්‍ය හෙයින් එම දෙදෙනා ඉන්දියාවට යෑමට තීරණය කර සිටිය දී  කූටෝපක්‍රමයකට  අසු වූ බවයි. කැමරුන් ජාතිකයන් දෙදෙනාගේ උපක්‍රමය වී ඇත්තේ ශ්‍රී ලංකා අයෝජකයාගේ සියලු මුදල් පෙන්වූ එම මුදල් සොරාගෙන දීවීම මොවුන්ගේ උපක්‍රමය වී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය. මේ දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට ද නියමිතය.