මායිම් ගම්මාන, ක්ලේමෝ බෝම්බ, සටන් විරාම, දුෂ්කර ගම්මාන ආදී වචන ශබ්ද කෝෂයෙන් ඉවත් කළ අයුරින් ‘තරුණ අසහනය‘ යන වචනය ද ශබ්ද කෝෂයෙන් ඉවත් කරමින් සිටින බව මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවසීය.
රාජ්‍ය කළමනාකරණ සහකාර පත්වීම් 2700ක් පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමින් ජනපති එසේ කීවේය.
එදා උතුරේ මෙන්ම දකුණේත් කැරලිවලට මෙම තරුණ අසහනය හේතු වූ බව පැවසූ ජනපති තරුණ අසහනයට මූලික හේතුව වූ විරැකියාව තුරන් කිරීමත් සමග එම වචනය ශබ්ද කෝශයෙන් ඉවත් වන බව ද ප්‍රකාශ කළේය.