25000 දඩය පමා වීමත් සමඟ රිය අනතුරු ඉහළට


අමල් වික්‍රමරත්න
 
රථ වාහන වැරදි පිලිබඳව නීති දැඩි කලයුතු බවට ඇතිවූ සමාජ මතය අනුව ඉදිරිපත්වූ නීති දැඩි කිරීම සහ දඩ මුදල් වැඩිකිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය අවශ්‍ය නිර්දේශ  නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකලද නීති කෙටුම්පත් සම්පාදනය කිරීමේ කටයුතු මෙතෙක්  අවසන් වී නොමැත.
 
ඒ හේතුවෙන් රථවාහන වැරදි කිහිපයක් සඳහා නියම කල රුපියල් 25000 දඩය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.
 
රුපියල් 25000 දඩය ක්‍රියාත්මක වන බවට සමාජයේ කතාබහක් ඇතිවීමත් සමඟ රිය අනතුරු වල අඩුවක් සිදුවූ බවත් මේවනවිට යළිත් රිය අනතුරු සිදුවීම ඉහළ ගොස් ඇතිබව සභාපතිවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.