ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලයේ පිහිටුවා තිබු පැය 24 ම ක්‍රියාත්මක තොරතුරු මැදිරිය කටුනායක සහන පියස මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් ඇත.
විදේශ රැකියා පිළිබඳ විදේශගත ශ්‍රමිකයන් පිළිබඳ තොරතුරු විමසිමට මෙම මධ්‍යස්ථානය උපයෝගි කරගත හැකි අතර, භාෂා තුනෙන්ම තොරතුරු විමසීමේ හැකියාව ද පවති.
කටුනායක මීගමුව පාරේ අංක 101 – 5 /3 හි මෙම මධ්‍යස්ථානය පිහිටා ඇති අතර 009411-2251386, 2251367, 2251148 දුරකථන අංක හෝ 009411-2251378 ෆැක්ස් අංකය මගින් මෙම මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකිය.

