23287ක් ආබාධිතයි


ඊළාම් යුද්ධයේ සෙබළුන් 23287 දෙනකු ආබාධිත වු බවත් 3307 දෙනකුට ගෙවල් තනා දී ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කෙළේය. දයාසිරි ජයසේකර මහතා: ගෙවල් 3307 ක් හදන්න අවුරුදු හයක් ගතවුණා. ගෙවල් 18000ක් හදන්න තව කොපමණ ගල් යාවිදි? ඇමැති: ඔබ කලබල වෙන්න එපා. යුද්ධය අවසන් වී වසර දෙකයි. රජයේ කාලය අවසන් වීමට පෙර ඒ ගෙවල් හදා දෙනවා.