
(යොහාන් භාසුර)
පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත මේ මස 21 වැනිදා සිට දුම්රිය ධාවන ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
ඒ අනුව ලබන 21 වැනිදා සිට දිනපතා දුම්රිය වාර 130 ක් පමණ ක්‍රියාත්මක කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීපයට පැවසීය.

