21 වැනි ව්‍යවස්ථා කෙටුම්පත සියලු පක්ෂවලට දීමෙන් පසු කැබිනට් අනුමැතියට


(අංජුල මහික වීරරත්න)

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සියලු පක්ෂ වලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

21 වන සංශෝධනයේ අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් තවම සාකච්ඡා කොට අවසන් එකඟතාවයකට පැමිණ නැති බව කී අග්‍රාමාත්‍යවරයා 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ සාකච්ඡාවක් අද (23)  සවස තමා විසින් කැඳවා තිබෙන බවද සඳහන් කළේය.