21 දීත් ඡන්දය දුන් තරුණිය අදත් ඡන්ද පොළේ


ඉන්දියාවේ උපත ලබා එහි හැදී වැඩුණු සුබෙයිදා අබ්දුල් තරුණිය 1948 දී පවුලේ අය සමග ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය එවකට විදේශ ඇමැතිව සිටි ඩී.එස්.සේනානායක මහතාගේ අත්සනින් යුත් මෙරට පුරවැසි භාවය සහිත ගුවන් බලපත්‍රයද ලබාගත්තාය.

1954 ජූලි 24 වැනිදා මෙරට පැවැති කොළඹ නගර සභා මැතිවරණයේදී ඇය ඡන්දය භාවිතා කිරීමට පිටකොටුව, මිහිඳු මාවතේ ප්‍රාථමික විද්‍යාලයට ගියේය. ඇය ඡන්දය දමන අයුරු 1954 ජූලි 25 වැනිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළවිය.

එදා ඇයට අවුරුදු 21කි. අද ඇය 83 වැනි වියේ පසුවන්නීය. අද පැවැත්වෙන මහ මැතිවරණයේදී සිය ශාරීරික අපහසුතාද නොතකා තම පුත්‍රයා සමග පිටකොටුව ශාන්ත සෙබස්තියන් මාවතේ, අල් හිත්මා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඇය ඡන්දය භාවිතා කළාය.

RDS_3907 RDS_3911 RDS_3926 RDS_3947