(අංජුල මහික වීරරත්න)
2050 වසර වන විට කාබන් ශුද්ධ ශූන්‍ය කිරීමේ මාර්ග සිතියම සහ උපාය උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පැරිස් ගිවිසුමේ පාර්ශ්වකරුවකු වශයෙන් ශ්‍රී ලංකාව එළඹ ඇති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය අනුව 2050 වර්ෂය වන විට කාබන් ශුද්ධ ශූන්‍ය තත්ත්වයට කරා ළඟා කරගන්නා බවට එකඟතාවය පළ කර ඇතැයි රජය පවසයි.
එම ඉලක්කයට ළඟා වීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ කාබන් තිර කිරීම වැඩි කිරිම සඳහා අදාල මාර්ග සිතියම සකසා ඇත.

